top of page

පාසලේ ඉතිහාසය

 

          සබරගමුව පළාතේ රුවන්පුර නගරයේ සිට ඵෙතිහාසික පොත්ගුල් විහාර මාවතේ කිලෝමීටර එකහමාරක් දුරින් අක්කර හතක බෑවුම් සහිත රමණීය පරිසරයක ර/ගැටන්ගම ශ්‍රී විජයාරාමයටත් කණාදොල නන්දාරාම විහාරයටත් හා සමගිපුර චිත්ත විවේකාරාමයටත් මධ්‍යව පිහිටා ඇත.

          වර්ෂ 1930 ජනවාරි 02 වෙනි දින එකල පැවති රජය විසින් රත්නපුර පළාත් ආණ්ඩු සභාවේ ඒ.සී.ආටිගල මැතිතුමාගේ උපදෙස් මත මෙම විදුහල විවෘත කර ඇත.පළමුවෙන්ම මෙහි සිසුන් 150 ක් සිටි බව සඳහන් වේ.

          රජය විසින් කනිටු විදුහලක් ලෙස ආරම්භ කළ මෙම විදුහලේ ප්‍රථම විදුහල්පති ලෙස කේ.ඩබ්.රණසිංහ මහතා සේවය කර ඇත. එතුමාගෙන් පසුව ඇලෙක්සැන්ඩර් රාජපක්ෂ මහතා විදුහල්පති ලෙසද කටයුතු කර ඇත. එතුමාගේ කාලයේ විදුහලේ ග්‍රාමීය අධ්‍යාපනය යටතේ විද්‍යාලීය භූමිය වගා බිමක් බවට පත්කර ඇත.

          වර්ෂ 1944 දී මෙම විදුහල “සෙන්ට්‍රල් ස්කූල්” යන නමින් නම් කොට ඉංග්‍රීසි  මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ආරම්භ කරන ලදී.විදුහලේ දීප්තිමත් යුගය එම කාලය විය. මහාචාරුය විමලානන්ද තෙන්නකෝන් මහතා මෙහි විදුහල්පති ලෙස කටයුතු කර ඇත.

          මෙම විදුහලේ මුල්ම ශිෂ්‍යා වූයේ මුල්ම විදුහල්පති කේ.ඩබ්.රණසිංහ මහතාගේ දියණිය වූ අමරා දයා රණසිංහ නම් වූ ශිෂ්‍යාවයි. ඇය කළුතර මියුසියස් ගුරු විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සෙවය කර 1973 දී විශ්‍රාම ලැබුවාය.

          එම අවධියේ සිප් සතර හැදෑරු ශිෂ්‍ය ශිෂ්‍යායාවන් ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නියැලී සෙවය කරනු ලැබේ. මෙම කාලය වන විට පාසල් ගොඩනැඟිලි අතර ප්‍රධාන ශාලාවත් ගුරු නිවාසය හා නේවාසිකාගාරයත් දක්නට ලැබුණි.

          1950 දී පමණ “සෙන්ට්‍රල් ස්කූල්” නගරයට ගෙන යාම නිසා මෙම විදුහල අසරණ තත්වයට පත් වී ඇත. එහෙත් එවකට සිටි විදුහල්පති චන්ද්‍රසේන මහතා සහ ඩී.ඩී.නානායක්කාර මහතාගේ දැඩි උත්සහයත් නිසා අධ්‍යාපන සංවර්ධනයත් සිදු වී ඇත. එම යුගයේදී සිටි කීර්තිමත් ගුරුවරුන් ලෙස සංගීත උපදේශක අයිවෝ ඩෙනිස් එස්.කේ.කේ.සූරියආරච්චි මහතුන් විශාල සේවයක් කර ඇත.

වර්ෂ 1953 – 1956 දක්වා ඩී.ඩී.හෙට්ටිආරච්චි මහතාද, 1957 – 1965 දක්වා ඩී.ඩී.නානායක්කාර මහතාද ලෝව් මහතාද විද්‍යාලයීය විදුහල්පතිවරු ලෙස කටයුතු කර ඇත.

1966 දී පී.කේ.රත්නසේකර මහතා විදුහල්පති ලෙස කටයුතු කරන කාලයේ ගුරු දෙගුරුන්ගේ කැමැත්ත පරිදි මෙම විදුහලට රත්න මහා විද්‍යාලය යන යන නම ලබාගත් බව සඳහන් වේ.

විදුහල්පති පී.කේ.රත්නසේකර , වයිමන් පීරිස් යන විදුහල්පතිවරු සේවය කලද විදුහලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහ උසස් පෙළ සාර්ථකව හිමි වී නොමැත. එමෙන්ම නගරයේ පාසල් වලට ළමුන් ඇදී යාම නිසාත් මෙම පාසල ඉදිරියට ගෙන යාම ඉතා වෙහෙසකර කර්තව්‍යයක් වූ බව වාර්තා වලින් පෙනී යයි.

වයිමන් පීරිස් මහතාගේ යුගයේදී රත්නාලෝක ශාලාව සහ බුදු මැදුර ගොඩ නැගීම ආරම්භ විය. එම කාලයේදී විද්‍යාලයීය කෘෂි කටයුතු සාර්ථකව තිබුණු බව කියවේ.

කෙසේ වුවත් පත්ව එන ගුරු මණ්ඩල භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අවංක කැපවීම නිසා විදුහලේ ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කර ඇති බව පෙනේ.

වර්ෂ 1973 දී විදුහල්පති ලෙස කටයුතු කළ අය.ජී.ධර්මවර්ධන මහතාගේ පාලන කාලයේදී පාසලේ විනය කටයුතුද අධ්‍යාපන කටයුතුද සාර්ථකව ඉටුකර ඇත් බව වාර්තා වලින් පෙනී යයි.

වර්ෂ 1977 දී විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ.ගුණසිංහ මහතා  “රත්නාලෝක” ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ විදුහලේ සියලුම ගොඩනැඟිලි අළුත්වැඩියා කිරීමදකරන ලදී. මෙම කාලයේ විද්‍යාලයේ අභිවෘද්ධියට වැදගත් කාලයක් විය. සතියකට වරක් ගැටන්ගම ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් විහාරාධිපතින් වහන්සේ විද්‍යාලයට වැඩම කර ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ සිත් සතන් මෙත් සිසිලෙන් ඔපවත් කිරීමට ධර්මානුශාසනාවක් පැවැත්වීමේ මූලාරම්භව මෙම යුගයේදී සිදුවිය.

1980 දී විදුහල්පති ලෙස ඩබ්.ජී.වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. එතුමාගේ කාලයේදී විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල ඉදිකරන ලදී. පාසලේ සෑම අංශයක්ම මේ කාලයේදී වර්ධනය විය.

එතුමාගෙන් පසු ජී.ආරියතිලක මහතා විදුහල්පති ලෙස කටයුතු කර ඇත. එතුමාගේ කාලයේදී විද්‍යාලයේ උන්නතිය තකා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත. විදුහලට ජල නළ පහසුකම් ලබා ගැනීම , වැසිකිළි හා කැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීමටත් විද්‍යාලයීය ආපන ශාලාවේ ආරම්භයත් මෙම කාලයේදී සිදු විය.

1989 වසරේ මැයි මස 08 වන දින ඩී.ඒ.ඒ.කරුණාරත්න මහතා නව විදුහල්පතිවරයෙකු ලෙස පත් විය. එතුමා 1997 -10-03 දක්වා මෙම පාසලේ විදුහල්පති ලෙස කටයුතු කල අතර එම කාල සීමාව තුළ පාසලේ උන්නතිය උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත. නිදහස් අධ්‍යාපනයේ පියා වශයෙන් සලකන සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිතුමා විස්න ආරම්භ කරන ලද මධ්‍ය විද්‍යාල 54 න් එකක් වූ මෙම විදුහල එතුමාට උපහාර පිණිස 50 වැනි  ගුණ සැමරුම අති උත්කර්ශවත් ලෙස මෙහි පවත්වා ඇත.

මෙතුමාගෙන් පසුව 1997-10-20 දින කේ.එම්.ගුණදාස මයා මෙහි විදුහල්පති ලෙස වැඩ භාරගෙන ඇති අතර එතුමා 2003-02-03 දින දක්වා සේවය කොට ඇත. 1999-17-02 දින ප්‍රදේශයේ බලධාරීන් එකතු වී ගඟබඩ සීවලීමහා විද්‍යාලයේ අබලන් ගොඩනැඟිලි යථා තත්වයට පත් කරන තෙක් එම විදුහලේ සිසුන් හා ගුරුවරුන් මෙම විදුහලට අන්යුක්ත කිරීමට තීරණය කර තිබුණි.එම සිසුන්ගේ පැමිණීමත් සමඟම පාසලේ පෙර නොතිබූ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වී තිබේ. ඉන් පසුව 2003-02-04 සිට 2003-02-27 දක්වා එච්.කේ.සෝමපාල මහතා මෙහි විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. මෙම කාලසීමාව තුළදී විදුහලේ පරිහානිය ආරම්භ විය. ළමුන් විෂය අතින් ඉතාම පිරිහීමට පත් වී තිබුණු අතර පාසලද භෞතික වශයෙන් පිරිහීමට පත් වී තිබුණි.

          ඉන් පසු 2004-10-25 දින පාසලට පැමිණි විදුහල්පති පී.ඒ.ඊ.කරුණාතිලක මහතා දැඩි කැපවීමෙන් පාසලේ දියුණුව ඇති කිරීමට කටයුතු කරන ලදී.පාසල් ප්‍රජාව , ආදි ශිෂ්‍යයන් ඉතා වෙහෙස මහන්සි වී ඒකරාශී කරගෙන පාසලේ ගුරු මණ්ඩලයේ සහයෝගය ලබාගෙන එතුමා පාසලේ දියුණුව සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. ඒ තුළින් මෙම කෙටි කාලසීමාව තුළදී පාසල ලබා ඇති ජයග්‍රහන බොහෝය.

  • තොරතුරු තාක්ෂණ සඳහා ඒකකයක් පිහිටුවීම

  • ඉංග්‍රීසි ක්‍රියාකාරී ඒකකයක් පිහිටුවීම

  • 1-5 ශ්‍රේණි වලට පරිගණක ඒකකයක් පිහිටුවීම

  • අ.පො.ස.උ.පෙළ පන්ති නැවත ආරම්භ කිරීම

  • රාජකීය නවෝද්‍යා විද්‍යාලය ලෙස නම් කිරීම

  • 1 ශ්‍රේණිය සඳහා ඉල්ලුම්පත් 10 කට සීමා වී තිබුණත් එය 110 දක්වා වර්ධනය කිරීමට කටයුතු යෙදීම

  • වැසිකිළි හා කැසිකිළි අළුතින් ඉදිකිරීම

  • ප්‍රාථමික අංශය සඳහා සෙල්ලම් මිදුලක් ඉදි කිරීම

  • අබලන්ව තිබූ ප්‍රධාන ශාලාවට විදුලි පංකා යොදා අළුත්වැඩියා කිරීම

  • නව කාර්යාලයක් සකස් කිරීම

  • අළුතින් මුර කුටියක් ඉදිකිරීම

  • ගොඩනැඟිල් සියල්ල නාමකරණය කිරීම

  • ගේට්ටුව පැති බැමි ආදිය සකසා වත්ත වටේටම කම්බි ගැසීම

  • අබලන්ව තිබූ ගුරු නිවාසය සැකසීම

  • ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නැංවීම

  • අ.පො.ස.සා.පෙළ ප්‍රතිඵල ඉහළ තලයකට ගෙන ඒම

  •  16 ක් පමණ වූ ආචාර්ය 30 දක්වා ගෙන ඒම

  • රත්නපුර දිස්ත්‍රික් බාල දක්ෂිකා මූලස්ථානය පිහිටුවීම

  • රතු කුරුස සංගමයේ සහය පාසලට ලබා ගැනීම

  • 1-2 පංති කාමර නවීකරණය කිරීම

  • පාසලේම ගොඩනැඟිලි වර්ණාලේප කිරීම

  • සංගීත හා නැටුම් අංශය සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම

  • පාසලේ බිත්තිවල මියුරල් නිර්මාණය කොට අලංකාර කිරීම

  • කැඩීබිඳී ගොස් තිබූ ජල නළ පද්ධතිය අළුත්වැඩියා කොට නැවත සකස් කිරීම

  • ඔසු උයනක් නිර්මාණය කිරීම

ආදිය මෙකල සිදුවූ කැපී පෙනෙන සිදුවීම් විය.

          තවද දරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වනරැස් ව්‍යාපෘතියේ සහය ලබාගෙන පරිසරයට හා ජීවීන්ට ආදරය කිරීමට යොමු කිරීමේ ව්‍යාපෘතිය මඟින් රුක්රෝපණය කිරීම මෙයට අමතරව යෝජිත සංවර්ධන ක්‍රියාවලීන් අතර කුරුඳු ව්‍යාපෘතියක් සකස් කිරීම ගම්මිරිස් ව්‍යාපෘතියක් සකස් කිරීම , කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා කටයුතු කිරීම ආදිය වැදගත් වේ.

මෙම කාල සීමාව විදුහලේ ස්වර්ණමය යුගයක් ලෙස නම් කළ හැකිය. විදුහල්පති පී.ඒ.ඊ.කරුණාතිලක මහතා 2011 මාර්තු මාසයේ විශ්‍රාම යන ලදී. ඒ.වෙනුවට නියෝජ්‍ය විදුහල්පති තනතුර දැරූ එල්.එම්.ගුණසේකර මයා නව විදුහල්පති ලෙස 2011.03.28 දින වැඩ භාර ගන්නා ලදී. එතුමා ඉතා දැඩි කැපවීමෙන් පාසලේ දියුණුව ඇති කිරීමට පාසල් ප්‍රජාව, ආදි ශිෂ්‍යයන් සහ පාසලේ ගුරුභවතුන්ගේ සහය ලබාගෙන  පාසලේ දියුණුව සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග රැසක් දැනට සිදු කර ඇත.

   

  • පළමු වැනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කැ ගැනීම ළමුන් 120 දක්වා වර්ධනය වීම

  • ප්‍රාථමික අංශයේ සමාන්තර පන්ති 3 බැගින් වර්ධනය වීම

  • ආචාර්ය මණ්ඩලය ප්‍රමාණාත්මකව වර්ධනය වීම

  • පාසලේ ශිෂ්‍යය ප්‍රමාණය වැඩිවීම

  • පාසලේ බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීම

  • සනීපාරක්ෂක කටයුතු ක්‍රමවත් කිරීම

  • ළමුන්ගේ ආරක්ෂාව සඳහා වැඩසටහන් දියත් කිරීම

  • පන්ති කාමර අංග සම්පූර්ණ කිරීම

  • පාසල් වත්තේ කුරුඳු ,ගම්මිරිස්,කෙසෙල් වගා ඇරඹීම

  • පාසල් පිරියත අලංකරණය

  • ප්‍රාථමික සිසුන් සඳහා ක්‍රියාකාරකම් කාමරයක් සැකසීම

  • අබලන් වූ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල, අ.පො.ස.සා පෙළ, අ.පො.ස.උ.පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීම

  • නව බුදු මැදුරක් ඉදිකිරීම

  • විවිධ තරඟ සඳහා පළාත් මට්ටමේ සහ කලාප මට්ටමේ ජයග්‍රහන අත්පත් කර ගැනීම

  • වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල වර්ණවත්ව පැවැත්වීම

  • ප්‍රාථමික,කණිෂ්ට,ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක උත්සව අභිමානවත්ව පැවැත්වීම

  • ආකර්ශනීය පන්ති පරිසරයක් සැකසීම

  • විනය ගැටළු අවම වීම

  • මියුරු සර මාධ්‍ය ඒකකය ඇරඹීම

  • ආගමික වැඩසටහන් ඉතා සංවිධානාත්මකව පැවැත්වීම

  • ශිෂ්‍ය බට කණ්ඩය ආම්භ කිරීම

  • සමනලී හා කුඩා මිතුරී වැඩසටන් ආරම්භ කිරීම

  • ප්‍රාථමික තූර්ය වාදන කණ්ඩායමක් ගොඩ නැගීම

  • විද්‍යාලයේ චෙස් සංගමය ආරම්භ කිරීම

  • ප්‍රතිපෝෂණ හා ඉදිරි පෝෂණ වැඩසටහන් පාසල් ආරම්භ කිරීමට හා පාසල අවසාන කිරීමෙන් පසු පැවැ.ත්වීම

  • පාසලට දිවා රාත්‍රී මුරකරුවෙකුගේ සේවය

  • ප්‍රාථමික සිසුන් සඳහා උදෑසන ආහාර වේලක් ලබාදීමට කටයුතු සැලැස්වීම

  • මාධ්‍ය ඒකකය මඟින් දරුවන්ගේ ඉංග්‍රීසි කථන හැකියා වර්ධනය සඳහා දිවා විවේක කාලය යොදා ගැනීම

  • ප්‍රධාන ශාලාවේ වහලය අළුත්වැඩියා කිරීම

  • ප්‍රධාන ශාලාවේ කාණු පද්ධතිය අළුත්වැඩියා කිරීම

  • ගෘහ විද්‍යා ඒකකය නවීකරණය කිරීම

  • පාසල හා ප්‍රජාව අතර සමීප සම්බන්ධතාවයක් ගොඩනැංවීම

  • පාසලේ ආදි ශෂ්‍ය සංගමයට නව ජීවයක් ලබා දීම

  • පාසලේ කළමණාකරණ මණ්ඩලයට පාසල් සංවර්ධන සංගමයේ සහය ලබා ගැනීම

  • දරුවන්ගේ සාධන මට්ටම් සාකච්ඡා කිරීම සඳහා දෙමාපිය හමු පැවැත්වීම

  • ඩෙංගු වැඩසටහන් ව්‍යාපෘතිය සඳහා සෑම පන්තියකින්ම දෙමාපියන් කැඳවා ශ්‍රමදාන පැවැත්වීම

  •  කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා කටයුතු කිරීම

  • සමගිපුර ගමෙන් පැමිණෙන ජල මාර්ගය සඳහා පාසල වත්තෙන් කාණු පද්ධතියක් සැකසීම

  • සරස්වතී ශාලාවේ වහලය අළුත්වැඩියා නිරීම

  • ප්‍රධාන ශාලාවේ වහලය සහ බිම අළුත්වැඩියා කිරීම

  • බුදු මැදුර සඳහා ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම

  • පාසල් වත්තේ ස්ථිර බෝග වගාවක් දැමීම

     

     

     

     

     

     

     

     

     

bottom of page